Friday, July 04, 2025
Follow Us
ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු 153ක් පුරවන්න පියවර

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

මෙරට පාසල් පද්ධතිය තුළ මේ වනවිට ජාතික පාසල් 373ක් පවතින අතර, එයින් පාසල් 278ක නියමිත ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් මෙතෙක් පත්කර නොතිබිණි.

ඒ අනුව ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළව පසුගිය දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණ අනුව රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ ද අනුමැතිය ඇතිව විදුහල්පතිවරුන් 153ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

එක් එක් ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු අනුව මෙම විදුහල්පතිවරුන් වෙත පාසල් ලබාදීමට කටයුතු කරන අතර, පසුගියදා (25) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය සිදුකර ඇත.

පුරප්පාඩු පැවති ජාතික පාසල් 153කට ඒ අනුව ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කෙරේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, අධ්‍යාපන ලේකම් එම් එච් එන් චිත්‍රානන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

(Lanka Leads)