Friday, July 04, 2025
Follow Us
කෘෂිකර්මය ඉවත් වුණු සබීතාගේ බිල්ඩිම ආරක්ෂක අමාත්‍යාංශයට ගනී ?

දැඩි ආන්දෝලනයකට ලක්වූ රාජගිරියේ පිහිටි, ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩනැගිල්ල ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පොලිස් දෙපාර්තමේන්තුවේ කොට්ඨාශ කිහිපයක් සඳහා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පසුගිය රජය යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාගෙන තිබුණු අතර එම ගනුදෙනුව දූෂිත එකක් බව කියමින් නව රජය ඉන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරගත්තේය.

එහෙත් මෙම ගොඩනැගිල්ල සඳහා ලබන වසර දක්වා කුලී ගෙවා ඇති බැවින් මීට පොලිස් විශේෂ විමර්ශන ඒකකය, පොලිස් බඳවා ගැනීමේ අංශය ඇතුළු කොට්ඨාශ කිහිපයක් ගෙන ඒමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව අධික වියදමක් දරා කෘෂිකර්ම අමාත්‍යාංශය මේ ගොඩනැගිල්ලෙන් ඉවත් කරවා ගැනීම ද හුදු දේශපාලන සංදර්ශනයක් පමණක් බව පෙනේ.

(LNW)