Saturday, February 07, 2026
Follow Us
සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වන බව ඇමති දිනේෂ් මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ යෝජනාවලින් ඉවත්වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නා.

ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරය අමතමින්. ඒ අනුව ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ 30 - 1 සහ 40 - 1 යෝජනාවලින් ඉවත්වන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරය අමතමින් වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)