ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ යෝජනාවලින් ඉවත්වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නා.
ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරය අමතමින්. ඒ අනුව ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ 30 - 1 සහ 40 - 1 යෝජනාවලින් ඉවත්වන බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරය අමතමින් වැඩිදුරටත් කියා සිටියේ.
(Neth)