Friday, September 20, 2024
Follow Us
විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන්ට 5,000/= ක දීමනාවක්

විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කරයි. මෙම වැඩි කිරීම ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් ලැබෙන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යනු ඇත.


සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි 32,000 ක් පමණ වන පුද්ගලයන් හට මෙතෙක් රුපියල් 3,000ක් බැගින් මෙම දීමනාව ගෙවන ලදී. එයට අමතරව ගෙවීම් අපේක්ෂාවෙන් තවත් පුද්ගලයෝ 40,000ක් පමණ එහි ලියාපදිංචි වී සිටිති.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 අයවැය මගින් යෝජනා කළ පරිදි අලුතෙන් ලියාපදිංචි වූ පුද්ගලයන් 40,000 ඇතුළු විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 72,000 ටම ජූලි මස පළමු වැනි දා සිට මෙම වැඩිකළ රු. 5,000 දීමනාව ගෙවනු ලැබේ.
2019 අයවැය යෝජනාව අනුව ක්‍රියාත්මක මෙම දීමනාව ඉහළ නැංවීම වෙනුවෙන් මෙම වසර සඳහා රුපියල් මිලියන 4350ක් වෙන් කර තිබේ.