Friday, July 04, 2025
Follow Us
සුමන්තිරන්ට දිනේෂ්ගෙන් උත්තර - දෙවෙනිදායින් පස්සේ සුමන්තිරන්ලාට තේරෙයි

ජීනිවා මානව හිමිකම් කොමිසමේ 30/1යෝජනාව ඇතුළු යෝජනා දෙකකින් ඉවත්වීමෙන් යෝජනාවලියට කිසිදු බලපෑමක් නොවන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කළ ප්‍රකාශයට අද (24) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතිචාර දැක්වීය.

එවැනි ප්‍රකාශ තුළ සුමන්තිරන්ලාගේ අරමුණ පැහැදිලි වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ස්වාධීන රාජ්‍යයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

කෙසේවෙතත් එළඹෙන 02 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනතා ප්‍රතිචාරය අනුව සුමන්තිරන්ලාට, සම්බන්ධන්ලාට කරුණු වැටහෙනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

(LNW)