Sunday, February 08, 2026
Follow Us
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට කොටස විවෘත කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, මාතර සිට මත්තල හම්බන්තොට දක්වා දිගුව අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩගම පාලටුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළදී මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් වුනා.

දකුණු අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීම- පාලටුව පිවිසුම් මාර්ගය විවෘත කිරීම ජනපති සුරතින් සිදු වූ අතර අනතුරුව ප.ව. 4.30ට බරවකුඹුක පිටවීම හා ප්‍රධාන ජනහමුව පැවැත්වේ.

දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම දකුණු පළාත් තුළ ප්‍රමුඛත්වය දිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇත.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල,රිදියගම සෆාරි උද්‍යානය, හම්බන්තොට උද්භීත උද්‍යානය මෙන් ම කතරගම කිරිවෙහෙර ආදී සංචාරක ස්ථාන රැසක් මෙම පළාත් තුළ පිහිටා තිබෙන ආකර්ෂණීය ස්ථාන වෙයි. අධිවේගී මාර්ගය විවෘත වීමත් සමඟ කොළඹ සිට ඉතා කෙටි කාලයකින්ද කුණු රටට ළන වීමට හැකියාව උදා වෙයි.

මෙම අධිවේගී මාර්ග කොටසේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර 96කි.මෙහි ඉදිකිරීම් කොටස් හතරකින් සිදු කොට තිබේ. මාතර -බෙලි අත්ත දක්වා කොටස,බෙලි අත්ත සිට වැටිය දක්වා කොටස, වැටිය සිට අන්දරවැව දක්වා කොටස, අන්දරවැව සිට මත්තල සිට හම්බන්තොට දක්වා කොටසයි.

(Neth)