Friday, July 04, 2025
Follow Us
අවුරුදු කාලෙට බඩුමිල වැඩි කරන්න වෙළඳ මාෆියාවක් සූදානමින් ඉන්නවා - විමල්

එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයේදී රට තුළ බඩුමිල ඉහළ නැංවීමේ අරමුණින් වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

"අදත් මේ රටේ වෙළඳ මාෆියාවක් බලනවා අලුත් අවුරුදු කාලෙ වෙනකොට මේ රටේ භාණ්ඩ හිඟයක් ඇති කරන්න. භාණ්ඩවල මිල ඉහළ දාන්න.

එක ව්‍යාපාරිකයෙක් ළූණු තොගයක් ගෙනල්ලා තියාගෙන ඉන්නවා කන්ටේනර් ගණන්. ඔහු ගෙනාවේ රුපියල් 100ට නම් සතොස ඉදිරිපත් වෙනවා මේක 120ට ගන්න. ඔහු කියනවා නෑ මේක 300ට 320ට ගන්න. එහෙම වුණොත් දෙනවා, නැත්තං මං මේක අරගෙන යනවා මැලේසියාවට කියලා. මෙන්න මේ අසාධාරණ වෙළඳාම් මාෆියාවේ බලය, මේ රටේ පාරිභෝගික ජනතාව හූරාගෙන කමින් තිබෙන ඒ විසකුරු බලය ඒ බලයන් එක්කත් හැපෙමින් තමයි අතිගරු ජනාධිපතිතුමනි, මේ රාජ්‍ය රැකගැනීමේ සටන, බලගැන්වීමේ සටන අපට ගෙනියන්න වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ සිය දේශපාලන දිවියට 20 වසරක් සපිරීම නිමිත්තෙන් කොළඹ, නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වූ දැවැන්ත උත්සවය අමතමිනි.

(LNW)