Friday, July 04, 2025
Follow Us
විපක්ෂ නායකයා මූල්‍ය පිළිබඳ කිසිදු දැනුමක් නැතුව හැසිරෙන පළමු අවස්ථාව මේ – බන්දුල

පරිපුරක ඇස්තමේන්තුව පරාජය කිරීම තුළින් විපක්ෂ නායකවරයාගේ මූල්‍ය පිළිබඳ දැනුම මනාව පෙන්නුම් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

විපක්ෂ නායකවරයෙක් මූල්‍ය පිළිබඳ කිසිදු දැනුමක් නැතිව හැසිරෙන පළමු අවස්ථාව මෙය බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙය් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සිංහල අවුරුද්දට පෙර සියලු ගෙවීම් ගෙවා නිම කිරීම වෙනුවෙන් මෙම පරිපුරක ඇස්තමේන්තුව ගෙන ආ බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ ආදායම් වියදම් අතර ගණුදෙනු පිළිබඳව රටේ ජනතාවට වගවීම බවත් ඒ වගකීම ඉටු කිරීමට විපක්ෂ නායකවරයාට නොහැකි නම් රජයට සේවා සැපයු අයට සිය දිවි නසා ගැනීමට වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

(Lanka Leads)