Friday, July 04, 2025
Follow Us
ඔප්පු නැතුව පදිංචිව සිටි ජනතාවට ඔප්පු

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින්ට ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට එම කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

එහි සභාපති නිතීඥ නිලන්ත විජේසිංහ පැවසුවේ ඒ යටතේ රන්බිම් ඔප්පු 2500 ක් ලබාදීම එළඹෙන සඳුදා අරලියගහ මන්දිරයේදී සිදුකෙරෙන බවයි.

මේ අතර ජනතාවගේ ඉඩම් ගැටලු කාර්යක්ෂමව විසඳීමේ අරමුණින් දිස්ත්‍රික් වශයෙන් ජංගම සේවා ක්‍රියාත්මක කිරීමට ද එම කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ යටතේ බදුල්ල, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ජංගම සේවා වැඩසටහන් එලඹෙන 25 වැනිදා පැවැත්වෙන බවයි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

(Neth)