Friday, July 04, 2025
Follow Us
මහජන සාමය වෙනුවෙන් හමුදාවට බලය පැවරීම මසකින් දීර්ඝ කෙරේ

රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවට බලය පැවරීම තවත් මාසයක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරෙනු අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරෙයි.

කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, මුලතිව්,මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය හා පුත්තලම යන පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒ යාබද දේශීය වෙරළ තීර ඇතුළු නිශ්චය කොට දක්වා ඇති ප්‍රදේශවල ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාසාමාජිකයින් යෙදවෙන බවයි අදාල ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

(Lanka Leads)