Friday, July 04, 2025
Follow Us
රාජ්‍ය ආයතනයන්හි අරක්ෂාව රක්නා ලංකා සමාගමට

කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා රාජකාරී කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ආරක්ෂක බළකාය කියයි.

මේ වන විට කොළඹ හා තදාසන්න රාජ්‍ය ආයතන 136 ක ආරක්ෂක සේවාවන් සිවිල් ආරක්ෂක බළකාය මගින් සිදු කිරීම කර ඇති අතර ඒ අනුව සිවිල් ආරක්ෂකයින් 100 ක් රාජ්‍ය ආයතන 15 කින් දැනටමත් ඉවත් කර තිබේ. එමෙන්ම තවත් 600 ක් පමණ ඉවත් කිරීමට සිටිනා බව සිවිල් ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහම් මහතා පැවසීය.

සිවිල් ආරක්ෂක යින් එම ආයතනවලින් ඉවත් කිරීමෙන් පසුව රාජ්‍ය ආයතනවල සිදුවන ආරක්ෂක සේවා පුරප්පාඩු පිරවීම සඳහා ‘රක්නා ලංකා ආරක්ෂක සමාගම‘ විසින් බාරගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළෞය.

සිවිල් ආරක්ෂකයින් බළකා මූලස්ථානය යටතේ ග්‍රාමිය ප්‍රදේශයන්හි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම හා සිවිල් ආරක්ෂක බළකාය යටතේ නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතින් සඳහා යෙදවීමට නියමිතය.

(Lanka LEads)