ඉදිරි මහ මැතිවරණයේදී , අවතැන් කඳවුරුවල රැදී සිටින ඡන්ද දායකයින්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔවුන් රැඳී සිටින ස්ථානයේම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේ අද(21) වව්නියාවේ පැවති ලෝක සමාජ සාධාරණත්ව දිනය හා ජාත්‍යන්තර මව් භාෂා දිනය සැමරීමේ උත්සවයට එක්වෙමින්ය.
එහිදී මාධ්‍යවේදීන් දේශප්‍රිය මහතාගේ ප්‍රශ්න කීපයක් අසා සිටියේය.
ප්‍රශ්නය –
ගියපාර ජනාධිපතිවරණයේදී ගැටලුවක් ඇති වුණා මන්නාරම දිස්ත්‍රික්කයේ හිටපු ඡන්ද දායකයින් පිරිසක් බස්රථවලින් පුත්තලමේ සිට මන්නාරමට එනකොට ගැටුම්කාරී වාතාවරණයක් ඇති වුණා. ජනමාධ්‍ය තුළින් යම් යම් මතවාද ගියා මේ මිනිස්සු පුත්තලමේත් ඡන්දය පාචිච්චි කරනවා සහ මන්නාරමේත් පාචිච්චි කරනවා කියලා.
මෙයට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියේ, කිසිවෙකුටත් තැන් දෙකක ඡන්දය භාවිතා කිරීමේ හැකියාවක් නොමැති බවයි.
ඉතා කලාතුරකින් තැන් දෙකක ලියාදිංචි වී සිටියත් හැඳුනුම්පත පරීක්ෂා කිරීම හා අනෙක් කටයුතු හේතුවෙන් එවැනි දෙයක් කළ හැකියාවක් නැතැයි ද දේශප්‍රිය මහතා පැවසීය.
අවතැන් ඡන්ද දායකයින්ට ඔවුන් පදිංචි ස්ථානවලම ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය කටයුතු මෙවර සලසා දී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.
ප්‍රශ්නය –
මේ දවස්වල ගැටලුවක් තියෙනවා සන්ධානයේ ලකුණු සම්බන්ධයෙන්.
ලකුණු පිළිබඳ ප්‍රශ්නයට මැදිහත් වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව බව පැවසු ඒ මහතා පාර්ලිමේන්තුව නීතියානුකූලව විසුරුවා හැරීමට ඇත්තේ සැප්තැම්බර් මස 2 වන දා බවත් පැවසීය.
නමුත් ජනාධිපතිවරයාට ඊට පෙර මාර්තු 1 වන දිනයෙන් පසුව විසුරුවා හැරිය හැකි බවත් පැවසු ඒ මහතා මුහුද ගාවට යන්න කලින් නාන්න සුදානම් වි වැඩක් නැතැයි ද කියා සිටියේය.
ප්‍රශ්නය –
පළාත් සභා මැතිවරණය පවත්වන්න ඕන. ඒ දෙකම මේ අවුරුද්දේ?
හොරු අරන් ගොස් තිබු පළාත් සභා මැතිවරණය නව පාර්ලිමේන්තුවක හෝ මේ පාර්ලිමේන්තුවක හෝපැවැත් වීමට හැකි වෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.
(Lanka Leads)