ඊයේ දින ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා අතර පැවැත්වූ සාකච්ඡාවක් අවසන් වීමට පෙර හදිසියේම ජයසුන්දර මහතා නැගිට ගොස් ඇති බව වාර්තාවේ.
ඒ මහතා විසින් යවන ලද චක්‍රෙල්කයකට එරෙහිව ලේකම්වරුන් විසින් මතු කළ විරෝධතා නිසා එම රැස්වීම කැඳවා ඇත. ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් රාජ්‍ය පාලන කටයුතු වලට මැදිහත් නොවිය යුතු බවට අවවාද කරමින් යවා ඇති එම චක්‍රෙල්කය පිළිබඳව සංවාදයේදී පී.බී ජයසුන්දර මහතා විසින් රට මුහුණ දෙන අමාරුකම් පිළිබඳව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.
එහිදී එම අමාරුකම් වලට හදිසියේම සොයා බැලීමකින් තොරව වැට් බදු ඉවත් කිරීම වැනි එතුමාගේ උපදෙස් මත එතුමා විසින් ගනු ලැබූ තීන්දු හේතුවූ බවට ද එහිදී යම් අදහස් පළවී ඇත. එසේ සාකච්ඡාව ඉදිරියට යන විට එතුමා හදිසියේම නැඟිට පිටව ගොස් ඇති බව වාර්තාවේ.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ලේකම්වරයෙකු අප වෙත මෙසේ පැවසීය. ‘‘ දුටු ගැමුණු රජුගේ කඩුවට අපි ගරු කරනවා ඒත් ඒක අරගෙන යුද්දෙට යන්නේ නෑ‘‘
(Lanka Leads)