Monday, February 09, 2026
Follow Us
ඉන්ධන මිල අඩු කරන්න බෑ. මිල සූත්‍රය නැති නිසා රජයට පාඩුයි - බන්දුල ගුණවර්ධන

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යම් මට්ටමකට අඩු වී ඇතත් මේ මොහොතේ ඉන්ධන මිල අඩු කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පසුගිය කාලයේදී ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රජය විශාල පාඩුවක් අත්පත් කරගත් බව ද අමාත්‍යවරයා පවසනවා.

රජය මේ වනවිටත් පෙට්‍රල් හා ඩීසල් විශාල පාඩුවක් විඳදරා ගනිමින් ජනතාවට අලෙවි කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ එම පාඩුව පියවා ගැනීමෙන් අනතුරුව ඉන්ධන මිල පහත දැමීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි.

(LNW)