යම් දේශපාලන පක්ෂයක ඡන්ද ලකුණ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ නම් එය අදාල වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව ඡන්ද ලකුණු වෙනස් කිරීම් සම්බන්ධයෙන් දැන් සිදු කරන ඉල්ලීම් නොසලකා හරින බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරින දිනයේ සිට දින 07 ක් යනතෙක් ඕනෑම දේශපාලන පක්ෂයකට සිය ඡන්ද ලකුණ වෙනස් කිරීම සඳහා අවස්ථාව තිබෙන බව ද මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
යම් දේශපාලන පක්ෂයකට හදවත ලකුණ අවශ්‍ය නම් ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවත් කෙසේ නමුත් දැනට ප්‍රකාශයට පත්කර තිබෙන ඡන්ද ලකුණු අතර හදවත නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා. එහෙත් එම ලකුණ යොදා ගැනීමට බාධාවක් නොමැති බවද සභාපතිවරයා පවසනවා. කෙසේ වෙතත් හදවත ලකුණ ඉල්ලා සිටින දේශපාලන පක්ෂයකට ලබා දෙන්නේ හදවතේ නියම ස්වරූපය පිළිබිඹු වන ලකුණ බවත්, හදවත ඉල්ලා හාරත ලකුණ ලබාගත නොහැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් අවධාරණය කරනවා.
(LNW)