Monday, February 09, 2026
Follow Us
ජිනීවා යෝජනා : අද දිනේෂ්ගෙන් විශේෂ ප්‍රකාශයක්

යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) රාත්‍රි පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

ජිනීවා මානව හිමිකම් යෝජනා දෙක ඉත් කිරිම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතව ඇත.

(Lanka Leads)