Friday, February 13, 2026
Follow Us
පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් කථානායකගේ රාජකාරී අවසන් නොවේ

පාර්ලිමේන්තුව ඉදිරියේදී විසුරුවා හැරියද කථානායකවරයාගේ සභාපතිත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව මීළග මහ මැතිවරණය දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියා.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නිල කාලය මාර්තු 15 වනදායින් අවසන්වීමට නියමිතයි. ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට හෝ වැඩබලන පොලිස්පතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය එදින හෝ ඊට පෙර ලබාදිය යුතු වනවා.

මාර්තු මස පළමු සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙණු ඇති බවයි දැනට පැවසෙන්නේ.

කෙසේවෙතත් මාර්තු මස 15 වැනිදා ව්‍යවස්ථාදායක සභාව අනිවාර්යයෙන් රැස්වීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතුව තිබෙනවා.

(Neth)