Friday, July 04, 2025
Follow Us
කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි

රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා තොරතුරු ඉල්ලා ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත චක්‍රලේඛනයක්ද අද (18) නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම චක්‍රලේඛනය නිකුත් කර තිබේ.

ස්ථිර කරනු ලබන කාර්යාල සහයක සේවකයන් හා ඒකාබද්ධ රියදුරන් දින 180 ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර ඒ සඳහා වන නියමිත අධ්‍යාපන සුදුසුකම්ද සපුරා තිබිය යුතු වේ.

අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති සේවකයින්ට ආයතන ප්‍රධානීන් විසින් තාවකාලික පත්වීම් ලිපි නිකුත් කරනු ලබන අතර තාවකාලික පත්වීම් ලිපි නිකුත් කර මාස තුනක් ඇතුළත විධිමත් පත්වීම් ලිපි නිකුත් කිරීම සඳහා ලිපි ගොනු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත එවන ලෙසද එම චක්‍රලේඛනයෙන් උපදෙස් දී ඇත.

(Lanka Leads)