Friday, July 04, 2025
Follow Us
ජිනීවා යෝජනාවෙන් රජය ඉවත්වීමේ තීරණයෙන් ඩයස්පෝරාව කැළඹෙයි

රජය ජිනීවා යෝජනාවලින් ඉවත්වීමට තීන්දු කිරීම නිසා කොටි ඩයස්පෝරාව ප‍්‍රමුඛ බටහිර රටවල් 7 ක් දැඩි කලබලයට පත් වී ඇත.

කොටි ඩයස්පෝරාවේ කණ්ඩායමක් ඊයේ (18දා) බි‍්‍රතාන්‍යයේ සිට ජිනීවා වෙත පැමිණ මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් හමු විය.

මෙම 30/1 ජිනීවා යොජනාවට එක`ග වූයේ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතාය.

ශ‍්‍රී ලංකා රජයේ මෙම හදිසි තීරණය ගැන බටහිර රටවල් 7 ක තානාපතිවරු ජිනීවාහිදී හදිසි සාකච්ඡාවක්ද පවත්වා ඇත.

මේ අතර රජයේ තීරණය ගැන දැනුම්දීම සඳහා විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ලබන සතියේදී ජිනීවා යෑමට නියමිතය.

මෙම යෝජනාවේ කරුණු දෙකකින් රජය ඉවත්වීමට ගත් තීරණය ගැන මැසිඩෝනියාව ජර්මනිය, මොන්ටිනීග්‍රෝ යන රටවල්ද දැඩි අවධානය යොමු කර ඇත.

(Lanka Leads)