Thursday, February 12, 2026
Follow Us
සෙමි ලක්ෂරි බස් සේවාව ගැන ආණ්ඩුවෙන් තීරණ කිහිපයක්

අර්ධ සුඛෝපභෝගී හෙවත්, සෙමි ලක්ෂරි බස්සේවාව සම්බන්ධයෙන් මගී ප්‍රවාහන කළමනාකරණ අමත්‍යංශය විසින් තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ඒ අනුව පස්වරු 07 සිට පසුදා අලුයම 06 දක්වා පමණක් එම බස්රථ ධාවනය කිරීමට අවසර ලැබෙනු ඇති.

දිවා කාලයේ මෙම බස්රථ සේවය ක්‍රියාත්මක නොකිරීමටයි තීරණය කර ඇත්තේ. අර්ධ සුඛෝපභෝගී බස්රථයක් එක් ගමන්වාරයකදී කිලෝ මීටර් 200 කට වඩා ධාවනය වන්නේ නම් ඊට අවස්ථාව ලබාදීම මෙහිදී එළඹ ඇති තවත් තීරණයක් වනවා.

(Neth)