Friday, July 04, 2025
Follow Us
මහ මැතිවරණයේ වියදම මිලියන 6000 ඉක්මවන ලකුණු – මහින්ද කියයි

පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම රුපියල් මිලියන 6000 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති මහින්ද දේශප්‍රිය පෙන්වා දෙන්නේ අපේක්‍ෂකයින් හා දේශපාලන පක්‍ෂ සංඛ්‍යාත්මකව ඉහළ ගියහොත් ඇතැම්විට මැතිවරණයේ වියදම රුපියල් මිලියන 7500 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාල වියදම් සම්පාදනය කරන ලෙස මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත්, එබැවින් මැතිවරණ වියදම් පිළිබඳ කිසිදු ගැටළුවක් ඇති නොවන බවද සභාපතිවරයා පවසයි.

දේශපාලන පක්‍ෂ ලියාපදිංචිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ මේ වන විට ලියාපදිංචි දේශපාලන පක්‍ෂ 70 ක් පවතින බවයි.

එහෙත් එම පක්‍ෂ අතරින් දේශපාලන පක්‍ෂ 06 ලියාපදිංචිය තාවකාලිකව අත්හිටටුවා ඇතැයිද එම පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින ගැටළුකාරී තත්ත්වයන් ඊට හේතු වී ඇති බවද හෙතෙම පැවැසීය.

එමෙන්ම මේ වන විට ලියාපදිංචිය සඳහා පක්‍ෂ 144 න් ඉල්ලීම් ලැබී ඇතැයිද ඒ පිළිබඳ මේ සතිය තුළ විමසා බලා සුදුසුකම් සහිත කණ්ඩායම් වෙත අවස්ථාව ලබාදීමට පියවර ගන්නා බවද ඔහු කියා සිටියේය.

දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම මැතිවරණ කොමිසමට සිදුකළ හැකි වුවද එමප ක්‍ෂ හා එම පක්‍ෂවලින් ඉදිරිපත්වන නියෝජිතයින් පිළිගැනීමේ වගකීම ඇත්තේ මහජනතාවට බව මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවැසීය.

(Lanka Leads)