Friday, July 04, 2025
Follow Us
MCC අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්) අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබීය.

2019 දෙසැම්බර් මස 18 වෙනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කෙරිණ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිත්වය දරයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

ස්වාධීන වෘත්තීමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කෙරේ. ඒ අනුව විවිධ පැතිකඩ රැසක් ඔස්සේ පුළුල් විශ්ලේෂණයක් සිදු කෙරෙමින් පවති.

ලිපි ලේඛන විමර්ශණය, විවිධ පාර්ශ්ව, කණ්ඩායම් සහ පුද්ගලයන් සමග සාකච්ඡා සහ සම්මන්ත්‍රණවලට සහභාගීවෙමින් තොරතුරු රැස් කිරීමට කමිටුව ක්‍රියා කරයි. සහශ්‍රක අභියෝගතා සමායතනය ගැන පූර්ණ වාර්තාවක් මාස 04ක් ඇතුළත භාරදීමට නියමිතය.

(Lanka Leads)