ඊයේ (16) නව දේශපාලන පක්ෂ 74 ක් පමණ මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කර තිබෙනවා. නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඉල්ලුම් කිරීම සඳහා ලබාදුන් කාලය අදින් අවසන් වේ.
ඒ අනුව හෙට දිනයේ සිට අදාල ඉල්ලුම් පත්‍ර පිළිබඳව සලකා බැලීමට නියමිත අතර ඉන්පසු සුදුසුකම් සපුරා තිබෙන පක්ෂ සඳහා අනුමැතිය හිමිවනු ඇත.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී වසර කිහිපයක සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම, වාර්ෂිකව නිළධාරී මණ්ඩලය යාවත්කාලීන කිරීම, අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සැලකිල්ලට ගනු ලබයි.
මේ වනවිට මෙරට ක්‍රියාත්මක වන ලියාපදිංචි දේශපාලන පක්ෂ ප්‍රමාණය 70 ක් වන අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචියෙන් පසුව එය බොහෝදුරට 100 ඉක්මවනු ඇත.
(LNW)