යම්කිසි දේශපාලන පක්ෂයක දැනට ලියාපදිංචි කරගෙන සිටින ඡන්ද ලාංඡනයක් වෙනත් පක්ෂයකට හෝ සන්ධානයකට භාවිතා කිරීමට ඉඩදීමට නම් එම ලාංඡනය දැනට අයිති පක්ෂය එහි අයිතිය අත්හැරිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
"X කියන පක්ෂයේ තියෙනවා කියලා කියමුකො යම්කිසි සංකේතයක්. ඒ X කියන පක්ෂය ඒක අතෑරියොත් Y කියන පක්ෂයට හරි P කියන සංධානයට හරි පිළිගත්ත එකකට ඒක ලබාගන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
එය පක්ෂයේ අනුමැතිය ඇතිව සිදුකළ යුත්තක්ද යන්න විමසීමේදී ඒ මහතා පැවසුවේ "නෑ, නෑ. අරගොල්ලො අතාරින්න ඕනෑ" යනුවෙනි.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)