Monday, September 14, 2026
Follow Us
හෙට සිට අනුරාධපුරයේ සුරාසැල් 19වනදා දක්වා වැසේ

හෙට (13) සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.

(Aruna)