Friday, July 04, 2025
Follow Us
කළු ගගෙන් දෙන නළ ජලය බොන්න එපා - මණ්ඩලය ජල පාරිභෝගිකයන්ට කියයි

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග කළු ගඟේ ජලයට ලවණ මිශ්‍රවී ඇති බැවින් කළු ගඟෙන් සපයන ලවණ මුසු වූ ජලය පානය කිරීමට නුසුදුසු බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

වාද්දූව, කළුතර, බේරුවල, පයාගල, අලුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර ඇතැම් ප්‍රදේශවලට සැපයෙන නළ ජලය පානය කිරීමට සුදුසු නොවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ.

පානය කිරීමට සුදුසු ජලය බවුසර් මගින් පොදු ස්ථානවලට ලබාදීමට කටයුතු කර ඇති බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ. ලවණ මුසුවීමේ තත්ත්වය පහව ගිය පසු එම ජලය පානය කිරීමට සුදුසු දැයි යළි දැනුම්දීමක් කරන බවද එම මණ්ඩලය සදහන් කළා.

(neth)