දක්ෂිණ සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු සියලු අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල කටයුතු ඉතා කඩිනමින් අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මාර්ග හා මහා මාර්ග අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
දක්ෂිණ අධිවේගයේ මාතර-හම්බන්තොට කොටසේ මේ වනවිට වැඩ අවසන් කර තිබෙන පළමු අදියර විවෘත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කර ඇති අදියර ඉතා ඉක්මනින් අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. අධිවේගී මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවයක් ඇතිකර ඒ හරහා ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමේ අවස්ථාව ලබාදිය යුතු බවයි ජනාධිපතිවරයා නිළධාරීන් වෙත දැනුම් දී තිබෙන්නේ.
ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76 ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගී මාර්ග පද්ධතියට එක් කිරීමට නියමිතය. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹෙන අතර නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමද අධික මාර්ග තදබදයට විසඳුමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ.
දැනට අඩක් නිම කර ඇති මාර්ග සහ පාලම්වල ඉදිකිරීම් අවසන් විය යුතු බවත්, ග්‍රාමීය මාර්ග පද්ධතිය සෙසු මාර්ග පද්ධතියට සමගාමීව නවීකරණය විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා. ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් සහ පිළියන්දල මාර්ගවල කොළඹ දෙසට උදේ සවස පවතින වාහන තදබදයට විසඳුම් සොයන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
මීට අමතරව කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් හා අධික වාහන තදබදයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.
(LNW)