Friday, July 04, 2025
Follow Us
බන්ධනාගාර තදබදය අවම කිරීමට වාර්ථාවක්

බන්ධනාගාර වල පවතින තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු යොදන්නැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ සඳහා අවශ්‍ය රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීමට කටයුතු යොදගන්නා බවටත් එම වාර්තා කඩිනමින් ලබාදීමට බාධාවක්ව පවතින චක්‍රලේඛ සංශෝධනය කර හෝ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි යනුවෙන් අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ

හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පුනරුත්ථාපනය කිරීමට වෙන වෙනම කටයුතු කරන්න යනුවෙන් එතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා දරුණු ඝනයේ පාතාල සාමාජිකයින්ට අදාළ නඩු කටයුතු සඳහා බන්ධනාගාරවලින් මාරු කිරීමේ දී බන්ධනාගර නිලධාරින්ට තර්ජන එල්ලවන බවද හෙළි විය.

නඩුවලට අදාළ දින ලබාදීමේදී විනිශ්චකාරවරයකු බන්ධනාගාරයට ගොස් එම නඩු කටුයතු සිදු කිරීමටත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුකරයන් සඳහා දින ලබාදීමත් ප්‍රායෝගික බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඊයේ(13) අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

(Aruna)