ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහළ වැටීමේ වාසිය ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ලබාදීම සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බැලිය හැකි බව රජය පවසනවා.
එහෙත්, ඒ සඳහා ලෝක වෙළඳපලේ හැසිරීම තවදුරටත් නිරීක්ෂණය කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පෙන්වා දෙන්නේ.
ලෝක වෙළඳපලේ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස පහළ වැටී ඇතැයි ද, එසේ තිබියදී රජය ඉන්ධන මිල අඩු නොකිරීම අසාධාරණ බව ද කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය රවී කරුණානායක කියා සිටියා.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙම අදහස් දැක්වූයේ නෙත් නිවුස් ඒ පිළිබඳ කළ විමසීමකදි ඊට ප‍්‍රතිචාර දක්වමින්.
වත්මන් රජය ආර්ථිකය කළමනාකරණය කරන්නේ මනා අවබෝධයකින් සහ ජනතා හිතවාදී දැක්මක් සහිතව බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව පැවැති ආණ්ඩුව මෙන් ජනතාව මුලා කිරීමට නොව, වත්මන් රජය ජනතාව ශක්තිමක් කිරීම සඳහා හැකි සෑම සහනයක්ම ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේ.
රජය ලබාදුන් බදු සහන ජනතාව කරා සත්‍ය ලෙසම ගලායන්නේ දැයි තවදුරටත් විශේෂයෙන් සොයා බලමින් සිටින බව ද මෙහිදී සිහිපත් කෙරුණා.
(Neth)