මීගමුව කඩොලාන පද්ධතිය විනාශ කරමින් කී‍්‍රඩා පිටියක් ඉදිකිරීමට ගත් තීරණයකට එරෙහිව නැගී සිටිමින් නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් වූ ගම්පහ වන සංරක්‍ෂණ නිලධාරිනිය සමග ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සමස්ත කැබිනට් මණ්ඩලයත් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රටේ නීතිය නිවැරදිව කි‍්‍රයාත්මක කරවීම රජයේ වුවමනාව බව කී ඇමැතිවරයා, නීතිය කි‍්‍රයාත්මක කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමට කිසිවිටෙකත් ජනාධිපතිවරයා හා රජය පසුබට නොවන බවද සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (13 වැනිදා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේ මතුවූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
රජයේ නිලධාරීන් කි‍්‍රයාත්මක විය යුත්තේ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් අනුව බවද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මීගමුව කඩොලාන පරිසරය විනාශ කරමින් ධීවර ගම්මානයක දරුවන් සඳහා කී‍්‍රඩා පිටියක් ඉදිකිරීම සඳහා වූ යෝජනාවක් පිළිබඳ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමක් අතරතුර දසතින් වාග් ප‍්‍රහාර එල්ල වෙද්දී තමන් කටයුතු කරන්නේ නීතියට අනුව බව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය නොබියව ප‍්‍රකාශ කළාය.
(Lanka Leads)