Thursday, February 12, 2026
Follow Us
ඉඩම් සඳහා ගෙවන බද්ද අඩු කරන්නැයි ජනපති දැනුම් දෙයි

ඉඩම් වෙනුවෙන් අයකරන බදු අඩුකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පැවසුවේ බදු අයකර ගැනීම ද සහනදායී ක‍්‍රමයකට සිදුකිරීමට තීරණය කර ඇති බවයි.

ඉඩම් ඔප්පු ලක්ෂ 02 ක් ලබාදීමේ වැඩසටහනක් ද මේ වනවිට කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.

(Neth)