Thursday, February 12, 2026
Follow Us
පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේ

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ අද (12) පස්වරු 3.00ට කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි.

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හඩපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති බවද වේත්‍රද්‍රාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි සතිය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

(Aruna)