Thursday, July 03, 2025
Follow Us
විභාග අයැදුම්පත් ඔන්ලයින් ක්‍රමයට

මින් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා ශිෂ්‍යත්ව යන විභාග සඳහා අයැදුම්පත් කැඳවීම මාර්ග ගත (Online) ක්‍රමයට සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලුම විභාගවලට අදාළව සෑම අයැදුම්කරුවකු වෙනුවෙන් අනන්‍ය වූ ශිෂ්‍ය අංකයක් ලබාදීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති අතර එම අංකය මගින් ශිෂ්‍යයාගේ ප්‍රතිඵල මෙන්ම දත්ත පද්ධතියට ඇතුළත් කරන ලද විෂයය බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ද පහසුවෙන් ලබා ගත හැකි වන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

තවද උසස් පෙළ විභාගයේ ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර දීමට ද අවධානය යොමු කර ඇත.

(Aruna)