නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට පියවර ගන්නා බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක පවසනවා. ඒ අනුව සෑම සතියකම අඟහරුවාදා දිනයේ සියලූ දුම්රිය බලධාරීන් කැඳවා ගෙවීගිය සතියේ් සිදුවූ දුම්රිය ප‍්‍රමාදයන් පිළිබඳ කරුණු සොයාබලන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඒ අනුව එක් එක් දුම්රිය ප‍්‍රමාදයට හේතුව සංඥා දෝෂ ද, මාර්ගයේ ගැටලූ ද, අදාළ දුම්රියේ දෝෂයක් ද යනාදී වශයෙන් වෙන්වෙන්ව කරුණු දක්වන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ප‍්‍රවාහන සේවයට ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර වටවල දුම්රිය ස්ථානයේදී ඊයේ (11) දුම්රිය 02 ක් ගැටී අනතුරට ලක්වීමට ගිය අවස්ථාවක් වළක්වා ගෙන තිබෙනවා. මෙම දුම්රිය දෙක මුහුණට මුහුණ ගැටී සිදු වීමට ගිය අනතුර වලක්වාගෙන ඇත්තේ රියදුරන්ගේ දක්ෂතා මත බවයි වාර්තා වුණේ.
ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරයා, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත නියෝග කර ඇත්තේ.
(Neth)