Thursday, July 03, 2025
Follow Us
මහින්දානන්දගේ ඇමතිකමේ වෙනසක්

විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පුනර්ජනනීය බලශක්ති හා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අලුතින් පත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යාංශ විෂය පථය හා කාර්යයන් සංශෝධනය කරමින් ඒ මහතාගේ අමාත්‍යාංශය යටතට ලංකා විදුලිබල සමාගම , සීමාසහිත ලංකා ගල් අඟුරු (පෞද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන පවරා දී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදුලිබල රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ 2019 නොවැම්බර් 27 වනදා වන අතර ඔහුට මෙම ආයතන ගැසට් පත්‍රය මඟින් පැවරෙන්නේ ඊට මාස දෙකහමාරකට පසුව වීම ද විශේෂත්වයකි.

(LNW)