Sunday, April 27, 2025
Follow Us
ළමා ශ‍්‍රමික වයස් සීමාව ඉහළ දමයි

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ දක්වා ළමා ශ‍්‍රමික වයස් සීමාව ලෙස සැලකුනේ අවුරුදු 14යි.

වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ කම්කරු නීති මේ වනවිට කෙටුම්පත් කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම් ආර්. ටී. ආර්. රාජපක්ෂ පැවසුවේ.

2025 වසර වනවිට මෙරටින් ළමා ශ‍්‍රමය තුරන් කිරීම අරමුණ බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

(Neth)