Thursday, July 03, 2025
Follow Us
අගමැතිගේ සහ ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහනම් නියෝගයක් !

අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙකුත් ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට රජයේ ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනුවලට මැදිහත් වීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ

ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් අග්‍රාමාත්‍යවරයා හෝ ඇමතිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධතා නිලධාරීන් ඇතුළු පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් කිසිවකුට රජයේ ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත් වීමට ඉඩ ලබා නොදිය යුතු බව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එසේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ ව්‍යාපෘති හෝ මූල්‍ය ගනුදෙනු සම්බන්ධ ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බව ද එම චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇති බව සඳහන්.

(LNW)