Thursday, July 03, 2025
Follow Us
රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කර ඇති රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනෙහි අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව පෙබරවාරි 20 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

මීට පෙර දැනුම් දී තිබුණේ අදාළ අයදුම්පත් පෙබරවාරි 14 වනදාට පෙර "රැකියා විරහිත උපාධිධාරින්/ඩිප්ලෝමාධාරී රැකියාගත කිරීමේ වැඩසටහන 2020, ආයතන කළමනාකරණ සහ සම්බන්ධිකරණ අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 01" යන ලිපිනයට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්පීඩ් පෝස්ට් කූරියර් සේවාව මගින් එවිය යුතු බවය.

2020 ජනවාරි 01 වනදා විට උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි උපාධිධාරීන්ට මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

(LNW)