Thursday, July 03, 2025
Follow Us
හදිසි ඡන්දයක් : මහින්ද මත විමසුමක

නියමිත දිනයට පෙර විපක්ෂයේද එකඟත්වය ඇතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය විමසා ඇත.

මේ සම්බන්ධයෙන් දැනටමත් තමන්ට විපක්ෂයෙන් යෝජනාවක්ද ලැබී ඇති බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් බහුතරයක් කැමති වන්නේ නම් ලබන මාර්තු 01දාට පෙර මැතිසබා යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව අගමැතිවරයා පාර්ලිමේන්තු කණ්ඩායමට දැන්වීය.

අගමැතිවරයාගේ අදහස් විමසීමෙන් පසු මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකුද ඒ ගැන අදහස් දක්වා ඇත. එහිදී පළවී තිබෙන්නේ මිශ්‍ර මතයකි. මේ ගැන රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කොට ඉදිරි දින කිහිපය තුළ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

(Lanka Leads)