Thursday, July 03, 2025
Follow Us
විරෝධතා භුමියේ සිටි විරෝධතාකරුවන් පිරිසක් හමුවන්න ජනපති යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙන්කර ඇති විරෝධතා සඳහා වෙන් කර තිබු ස්ථානයට පැමිණ එහි සිටි විරෝධතා කරුවන් පිරිසක් හමුවූවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්ධන ඒකකයේ සේවකයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල වෙන් කර තිබු විරෝධතා භුමියේ විරෝධතාවයේ යෙදී සිටියා. එම අවස්ථාවේදී ඒ ස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විරෝධතාකරුවන් හමුවූවා.

ඉදිරියේදී රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිසටද රැකියා ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එම ස්ථානයේ රැඳී සිටිය විරෝධතාකරුවන්ට සඳහන් කර සිටියේ.

(Neth)