මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි යුගයේදී බැඳුම්කර නිකුතු සම්බන්ධ කිසිම වංචාවක් සිදුව නොමැති බව මෙම විෂය පිළිබඳ ප්‍රාමාණිකයකු වශයෙන් තමන්ට පැවසිය හැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
එසේම මෙම වෝහාරික විගණන වාර්තාව පිළිබඳ දේශපාලනඥයින් විවාද කිරීමෙන් ඵලක් නොමැති බව පැවසූ ඒ මහතා මේ පිළිබඳ සංවාද කළ යුත්තේ ගණකාධිකාරීවරුන් විසින් බවයි අවධාරණය කළේ.
"වෝහාරික විගණනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙ විවාදයක් පැවැත්වෙනවා. මං හිතන්නෙ දේශපාලනඥයින් - මේ වෝහාරික විගණනය පිළිබඳ සංවාදයක් ඇතිවිය යුත්තේ දේශපාලනඥයින් අතර නෙවෙයි, විගණන ක්ෂේත්‍රයෙයි ගණකාධිකරණ ක්ෂේත්‍රයෙයි ඒ හා සම්බන්ධ ශාස්ත්‍රීය අවබෝධයක් තියන අය තමයි විවාද කළ යුත්තේ.
විගණන වාර්තාවෙ තියෙන කරුණුවල කිසිම හොරකමක්, වංචාවක්, දූෂණයක් මහින්ද රාජපක්ෂ යුගයේ භාණ්ඩාගාර බිල්පත්වල වෙලා නෑ. එහෙම වෙන්නේ - මම මේ පිළිබඳ ප්‍රාමාණිකයෙක් විදියට කියන්නේ - ඒ තියෙන ඉලෙක්ට්‍රොනික් බිඩිං සිස්ටම් එකේදි, ලංසු තැබීමේ ක්‍රමවේදයෙදි සිස්ටම් එක විසින් තමයි ඒ හොරකම ඒ වෙලාවෙදිම එළියට එනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මේක අපේ කාලෙ හරි කාගෙ කාලෙ හරි මේ හොරකම සිද්ධ වෙච්ච අයට පූර්ණ දඬුවම දීම සඳහා අපි මැදිහත් වෙනවා" යැයි ඒ මහතා සඳහන් කළේය.
බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)