Wednesday, February 11, 2026
Follow Us
ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ නම් ප්‍රකාශයට

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින්. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ සහ තිලංග සුමතිපාල යන අමාත්‍යවරුන් එහි සාමාජිකයින් වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ, ෆයිසර් මුස්තාපා, විජයකලා මහේෂ්වරන්, ශ්‍රියානි විජේවික්‍රම, එඞ්වඞ් ගුණසේකර සහ නාමල් රාජපක්ෂ ද ඊට ඇතුළත්. මීට අමතරව තුෂාර ඉඳුනිල්, නාලක ප්‍රසාද් කොළොන්නේ, සිසිර ජයකොඩි සහ නලින්ද ජයතිස්ස ද ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. මෙම කාරක සභාව ක්‍රියාත්මක වන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන්.

(Neth)