Wednesday, February 11, 2026
Follow Us
කටුනායක ගුවන් තොටුපලට නව පිවිසුම් මාර්ගයක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා මෙවර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා පවසන්නේ.

අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුුවේදී ඔහු මේ බව අනාවරණය කළේය.

කාර්යබහුල අවස්ථාවලදී ගුවන් තොටුපල වෙත පැමිණෙන සහ ගුවන් තොටුපලේ සිට පිටතට පැමිණ මගීන් ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ප්‍රවේශ මාර්ගයේ දැඩි වාහන තදබදයක් සිදුවන බැවින් මගීන්ගේ පහසුව සඳහා නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

ද්විත්ව මංතීරු සහිත මාර්ගයක් ලෙස නව මාර්ගය ඉදිකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

(LNW)