රැකියා විරහිත උපාධිධාරීන් 50,000 ක් පමණ රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා රජය සැලසුම් කරයි. මෙම වැඩපිළිවෙළට අදාලව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව මාර්තු 01 වැනිදා සිට මෙම පිරිස බඳවා ගැනීමට නියමිත අතර ඔවුන් රාජ්‍ය ආයන 12 කට යොමු කිරීමට නියමිතය.
වසරක පුහුණු කාලයකට යටත්ව මෙම බඳවා ගැනීම් සිදු කරන අතර ඉන්පසු පළමු වසර 05 ක කාලය පළමු පත්වීම ලැබූ ස්ථානයේම සේවය කිරීමට සිදු වේ.
මෙම උපාධිධාරීන්ගෙන් බහුතරයක් පාසල් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට නියමිත වේ. සෑම පාසලකම 06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා 'නායකත්වය' විෂය හඳුන්වා දෙන අතර එම විෂය ඉගැන්වීම සඳහා අදාල උපාධිධාරීන් යොමු කෙරේ. මීට අමතරව ග්‍රාමීය හා වතුකරයේ පාසල්වල පවතින පුරප්පාඩු සඳහා ද තවත් උපාධිධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමට රජය සැලසුම් කරයි.
මීට අමතරව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත සෙසු උපාධිධාරීන් යොමු කෙරෙනු ඇත.
(LNW)