Wednesday, February 11, 2026
Follow Us
ලංගම - පුද්ගලික බස් රථ දෙකක් ගැටෙයි

ත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 176-177 අතර කොටසේ කොළඹ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරුනි ලංගම බස් රථය අසළ වෙළඳසැලක් තුළටද පුද්ගලික බස් රථය අසළ බෝක්කුවක් තුළටද පෙරළී ඇත. අනතුරින් පුද්ගලික බස් රථයේ කොන්දොර ලෙස කටයුතු කළ අවුරුදු 22ක් වන පුද්ගලයෙක් බියගොස් තිබේ.

තවත් 30ක් තුවාල ලබා තඹලගමුව, කන්තලේ හා ත්‍රිකුණාමලය රෝහල්වලට ඇතුළත්කර තිබේ.