මෙරට සිටින චීන ජාතිකයන්ට සහ ජපාන, කොරියානු ජාතිකයන්ට වෙනස් ලෙස සැලකීම හා ඔවුන් දෙස සැකයෙන් බැලීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කතානායකවරයා මේ පව සඳහන් කරයි.
කොරෝනා වෛරසය චීනයේ සිට ව්‍යාප්ත වීම හේතුවෙන් මෙරට සිටින චීන ජාතිකයන් පිළිබඳව ඇතැම් කුළීරථ රියදුරන්, ආපන ශාලා සේවකයන් සැකමුසු ලෙස බලන බවට පසුගියදා චීන තානාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලාංකිකයන් අතිශය මිත්‍රශීලී, ආගන්තුක සත්කාර දන්නා ප්‍රජාවක් ලෙස ලොවපුරා ප්‍රචලිතව තිබියදී මෙවැනි තත්වයක් ඇතිවීම අතිශය කණගාටුදායක බවයි කරු ජයසූරිය මහතා අවධාරණය කරන්නේ.
(LNW)