වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, ඔඞ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය පවසන්නේ ඉදිරි මාසය තුළ ඒවායේ මුල් අදියරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බවයි.
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, ඔඞ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලා මේ වනවිට වසා දමා තිබෙනවා. මීට අමතරව පරන්තන් කෙමිකල්ස් සමාගම, කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවද යළි ආරම්භ කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.
මේ අතර කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නියැලී සිටින සියලූ පාර්ශවවල ගැටලූ හඳුනාගනිමින් ඒවාට කඩිනම් විසඳු ලබාදීම සඳහා සෑම සඳුදා දිනකම උදේ වරුව වෙන් කිරීමට කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
(Neth)