Thursday, July 03, 2025
Follow Us
විනාශ වූ සංස්කෘතික අරමුදල යළි ශක්තිමත් කරන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලට සිදුකළ විනාශය වෙනස්කර නැවත එම අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කුරුණෑගල පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව ඊයේ (01) පස්වරුවේ කුරුණෑගල පිංගල්පොත්ත රජමහා විහාරය වෙත පැමිණියේය.

ප්‍රදේශයේ බෞද්ධ ආගමික නායකයින් බොහෝ දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

(Lanka Leads)