Thursday, July 03, 2025
Follow Us
දිස්ත‍්‍රික්ක 25 ම ආවරණය වන පරිදි හමුදාව යෙදවීමට ගැසට් නිවේදනයක්

මහජන සාමය පවත්වාගෙන යෑමේ අරමුණින් දිවයිනේ දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය මගින් නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය (22 වැනිදා) සිට ක‍්‍රියාත්මක වන පරිදි නිකුත් කර තිබේ.

දිවයිනේ සියලූම පරිපාලන දිස්ත‍්‍රික්කවල සහ ඒ ආශ‍්‍රිත ජල තීරයන්හි ආරක්‍ෂාව වෙනුවෙන් සහ මහජන සාමය තවදුරටත් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙසේ සන්නද්ධ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවීමට කටයුතු යොදා ඇත.

මහජන ආරක්‍ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියට අනුව පැවරී තිබෙන බලතල ප‍්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

(Lanka Leads)