Sunday, May 12, 2024
Follow Us
හොරු හදපු වාර්තා පිළිගන්න බෑ - කෙහෙළිය

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ වාර්තා කිසිසේත් පිළිගැනීමට නොහැකි බව රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වා දෙනවා. යහපාලන රජය සමයේ සිදු වූ දූෂිත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් විසින්ම මෙම විගණනය සිදුකර ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.

මෙම වෝහාරික විගණනය සිදුකර ඇත්තේ දූෂිත බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් එම චෝදනාවලින් බේරා ගැනීමේ අරමුණින් බවයි රඹුක්වැල්ල මහතා ඊයේ (28) මහනුවරදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ.

මීට පෙර පිටිපන කමිටුව නමැති කමිටුවක් හරහා ද චූදිතයන් බේරා ගැනීමට කටයුතු කළ බවත්, කෝප් කමිටුවේදී ෆුට් නෝට් දමමින් රටම නොමග යැවීමට උත්සාහ කළ බවත් ඇමතිවරයා පවසනවා.

බැඳම්කර චෝදනා සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදුකළ යුතු බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

(LNW)